අලුවක්කාලු කසල රඳවනය මාර්තු 15ට පෙර ඇරැඹීමට යයි


ඩයනා උදයංගනී 
 
දැනට පුත්තලම අලුවක්කාලු ප්‍රදේශයේ ඉදිකරමින් පවතින කසල රඳවනයේ කසල තැන්පත් කිරීමේ කටයුතු ලබන මාර්තු මස 15 වැනිදාට පෙර ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 
ඉන්පසු දිවයිනේ ඕනෑම ස්ථානයකින් ගෙනැවිත් දෙන කසල ලබාගෙන නොමිලයේම එහි තැන්පත් කිරීමට සූදානම් බවද ඇමතිවරයා කීවේය.
 
මෙය පරිසරයට මෙන්ම ජනතාවගේ සෞඛ්‍යයට හිතකර ව්‍යාපෘතියක් බව කී ඇමතිවරයා රටේ කසල ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ලැබෙන බවද සදහන් කළේය.
 
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (1) පැවති උත්සවයක් අමතමිනි.