(චන්ද්‍රසේන ගමගේ )
කුඹුරට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි 70 වැනි වියේ පසු වූ ගොවි මහතෙකු හම්බන්තොට ගොන්නේරුව ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහර කෑමට ලක්ව මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.
කාලයේදී වන අලියාගේ පහර කෑමට ලක්ව මිය ගොස් තිබුණේ කේ.ඒ. එඩිවින් නැමති සිවු දරු පියෙකු බවත් ඔහු ගොන්නෝරුව පන්වැව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් පොලීසිය පවසයි.
පන්වැව ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට තමන් වගා කළ කුඹුර වන අලීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා මිය ගිය එඩ්වින් කුඹුරට ගොස් නැවත අද (25) අළුයම 02 ට පමණ නිවසට එමින් සිටියදී නිවස ආසන්නයේ රැදී සිටි වන අලියෙකු ගොවි මහතාට පහර දී තිබේ.වන අලියාගේ පහර කෑමට ලක් වූ ඔහු එම ස්ථානයේදීම මිය ගොස් තිබුණි.
වන අලියාගේ පහරදීමෙන් සුළු මොහොතකට පසු එම මාර්ගයේ ගමන් කළ තවත් ගොවි මහතෙකු විදුලි පන්දමක් මාර්ගයේ වැටී තිබෙනු දැක ඇති අතර වැඩි දුරටත් ඔහු කළ සෝදිසි කිරීමේදී ඒ ආසන්නයේ වන අලියා රැදී සිටිනු දැක තිබේ.
පසුව ඔහු ආපසු දිව ගොස් ගම්වැසියන්ට සිද්ධිය පවසා තිබේ. අනතුරුව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිළධාරීන්ද පැමිණී වන අලියා පළවා හැර මිය ගිය ගොවි මහතාගේ සිරුරු සොයා ගෙන තිබේ.