රෝවන් පෙරේරා
වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩට ගැනීමට ගිය අවස්ථාවේ දී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වූ බව පුත්තලම වනජීවී පාලන ඒකකයේ නිලධාරී නවරත්න බණ්ඩාර මහතා පැවසීය.
ඊයේ (17) රාත්‍රීයේ දී වගා ළිඳට වැටී සිටි වන අලියා පිළිබඳව ප්‍රදේශවාසීන් ගේ දැනුම් දීමකට අනුව වනජීවී නිලධාරින් එම ස්ථානයට ගිය බව පුත්තලම අලි පාලන ඒකකය කියයි.
මෙම වන අලියා දිවා රාත්‍රී දෙකෙහිම රජවීගම , නෙලිවැව , සියඹලෑව ගම්මානවලට සහ දැදුරුඔය ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කළ නෙලුම්ගම, අලුත් නෙලුම්ගම යන ගම් වලද සැරිසරමින් ජනතාවගේ දෛනික කටයුතු වලට දැඩි බාධා එල්ල කරන බැවින් මෙම ප්‍රදේශයෙන් වන අලියා රැගෙන යන ලෙස දැඩි බලපෑමක් වනජීවී නිලධාරීන්ට ප්‍රදේශවාසිහු එල්ල කළහ.
වනජීවී නිලධාරින්ට ජනතාවගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් පැය කිහිපයක් පුරාවට වන අලියා ගොඩට ගැනීමේ කාර්ය ප්‍රමාද වූ අතර අලියා ගොඩ ගැනීමට ජේ.සී.බී යන්ත්‍රය ලබාදුන් කරුවලගස්වැව ප්‍රාදේශයේ සභාවේ සභාපති සහ ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අද (18) වන අලියා ගොඩගෙන පලවා හැරීමට කටයුතු කළේය.