(කාංචන කුමාර ආරියදාස)
රටපුරා පවතින අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් ඉල්ලා දිවයිනේ පළාත් ගණනාවක ගොවි නියෝජිතයෝ අද (22) දින දඹුල්ල නගරයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අලි මිනිස් සුරක්ෂිතය සහ ගොවි සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.
දඹුල්ල ගම්මුදාව භූමියට ඒකරාශි වූ දිවයිනේ පළාත් රැසක් නියෝජනය කළ ගොවි ගෙවිලියෝ පිරිස විරෝධතා බැනර් පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කරමින් විවිධ සටන් පාඨ කියමින් දඹුල්ල නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් සම්පුර්ණයෙන්ම ඔවුන් සතුකරගෙන නගරය දක්වා විරෝධතා පෙළපාළියේ ගමන් කරන්නට වූහ.
ඇතැම් ගොවීහු විරෝධතාව බැනර් ප්‍රදර්ශනය කරමින් උඩුකය නිරුවත්ව අමුඩය ගසාගෙන මාර්ගයේ ගමන් කිරීමද විශේෂත්වයකි. තවත් පිරිසක් ට්‍රැක්ටර් රථවලින් කෙසෙල් කඳන් සහ අලිබෙටි ප්‍රදර්ශනය කරමින් විරෝධතා ව්‍යාපාරයේ ගමන් කරනු දැක ගැනීමට හැකි විය.
දඹුල්ල ඔරලෝසු කණුව ඉදිරිපිට පැමිණි ගොවීන් කණ්ඩායමක් තමා අත ඇති විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් ඔරලෝසු කණුව වටා වළල්ලක් සේ රැස්වී සිටි අතර අනෙක් පිරිස ප්‍රධාන මාර්ගයේ එක පසෙකට වී සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වන්නට වූහ.