(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගුණුකොළපැලැස්ස -වලවේ- මහවැලි ඒකක කළමනාකරු සිය නිල කාමරය තුළදී පුද්ගලයකුගෙන් රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගනිද්දී අද(26) අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.
බරවකුඹුර ප්‍රදේශයේ බලපත්‍ර සහිත ඉඩමක් කාන්තාවක් මිලදී ගෙන තිබී ඇති අතර එම ඉඩම ඇයගේ නමට පැවරීම සඳහා සැකකාර මහවැලි ඒකක කළමනාකරු රුපියල් 15,000ක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.
ඒ පිළිබඳ එම කාන්තාවගේ සැමියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු ඉල්ලන ලද මුදලින් රුපියල් 5,000ක මුදලක් ඔහුගේ කාර්යාලය තුළදී ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කළමනාකරු අගුණුකොළපැලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අල්ලස් ගත්තැයි අගුණුකොළපැලැස්ස වලවේ කළමනාකරු අත්අඩංගුවට
Recommended Articles