අමදෝරු අමරජීව
කන්තලේ - අග්බොපුර ප්‍රදේශයේදි ඉඩම් බලපත්‍රයක් සකස්කර දීමට රුපියල් 30,000ක අල්ලසක් ගත් ජනපද නිලධාරියෙකු අද (19) අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ වැටලිම් ඒකකයේ පොලිස් නිලධාරිහු සමත්වූහ.
සැකකරු කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු ජනපද නිලධාරියෙකු වන අතර ඉඩම් බලපත්‍රයක් සකස්කර දීමට සැකකරු අල්ලසක් ඉල්ලන බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ කොමිසමේ නිලධාරින් සැකකරු අල්ලස් මුදල ලබාදෙන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මැදිරිගිරියේ පදිංචි 57 හැවිරිදි සැකකරු කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.