(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර අධිකරණ භූමියේදී පුද්ගලයකුගෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් මොරන්තුඩුව පොලිස් කොස්තාපල්වරයකු මාර්තු 19වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා ද සිල්වා මහත්මිය නියෝග කළාය.
රිමාන්ඩ් බාර ගතකරන ලද්දේ මොරන්තුඩුව පොලිසියේ නඩු කටයුතු බාරව සිටි එන්. ඩී. එන්. ආර්. වීරසිංහ නමැති කොස්තාපල්වරයෙකි.
නඩු භාණ්ඩයක් ලෙස තිබෙන කැබ් රථයක් මුදා හරින ලෙස විත්ති පාර්ශ්වය කරන ඉල්ලීමට පිළිතුරු වශයෙන් කැබ් රථය ලබාගැනීමට විත්තිකරුවාගෙනක් රුපියල් 20,000ක මුදලක් ඉල්ලා තිබූ බව අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
එයින් රුපියල් 10,000ක් නඩුව ආරම්භ කිරීමට පෙර ලබාදෙන්නැයි ද ඔහු ඉල්ලා සිට ඇති අතර එම මුදල ලබාදීමේදී වඅවට රැඳී සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් ගත් කොස්තාපල් රිමාන්ඩ්
Recommended Articles