(නිමන්ති රණසිංහ)
පාරිසරික වාර්තාවක් සදහා අවශ්‍ය පොලිස් වාර්තාවක් ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ පහක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගත් බව කියන කල්කුඩා පොලිසියේ හිටපු වැඩබලන ස්ථනාධිපතිවරයා සාක්කි වලට බලපෑම් කළ බැවින් ලබන 24 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මෙලෙස ඇප ප්‍රතික්ෂේප වී තවදුරටත් බන්ධනාගාර ගත කරනු ලැබුවේ බැඳිවැව, පොලොන්නරුව ලිපිනයෙහි පදිංචි කල්කුඩා පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති වු මිලෙන්ති ඉන්දුක සිල්වා නැමැත්තා ය.
මෙම සිද්ධියේ පැමිණිලිකරුට සැකකරුගේ පාර්ශවය විසින් තර්ජනය කළ බවට පැමිණිල්ලක් ලැබී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කළ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.