( උපාලි ආනන්ද)
අනුරාධපුර මහ නගර සභාවේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා අක‍්‍රමික ලෙස රුපියල් කෝටි තුනහාමාරක පමණ මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට ගන්නා ලද ක‍්‍රිය මාර්ග තම කොමිෂන් සභාවේ දුෂණ විමර්ශන අංක 01 කොට්ඨාශය වෙත ලිඛිතව දන්වන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම් එච් එම් පී බංඩාර මතාට ලිඛිතව දැනුම් දී තිබේ.
අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත‍්‍රික් සදහා පුරනැගුම මගින් ක‍්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නිමවීමට පෙර එම සම්පූර්ණ මුදල ගෙවා නිම කර ඇති බව කියන සිද්ධිය ගැන සහ එම ව්‍යාපෘතීන් මෙතෙක් වැඩ අවසන් නොකිරීම මෙන්ම පොලොන්නරුව නගරාසන්නයේ ඉදිකළ රජයේ ගොනැගිල්ලක් සඳහා පත් කර සිටි උපදේශක මණ්ඩලයට රුපියල් ලක්ෂ 60 ක මුදලක් ගෙවා ඇති බ ව කියන සිද්ධිය පිළිබදවද ගන්නා ක‍්‍රියා මාර්ග තමන්ට දන්වැන්නැයිද අල්ලස් හෝදුෂණ චෝදනා විමර්ශණ කොමිසන් සභාව උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයාට බීසී / 2483/ 2018/ බී/ 14 අංක දරන එම ලිපිය මගින් තවදුටරත් දන්වනු ලැබ තිබේ.
මෙම වංචනික සහ දුෂිත ක‍්‍රියා සම්බන්ධයෙන් 1994 අංක 19 දරණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභා පනතේ විධිවිධාන ප‍්‍රකාරව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විමර්ශනයක් අරඹා ඇතැයිද එම ලිපිය මගින් පලාත් ප‍්‍රධාන ලේකම්වරයාට තවදුරටත් දන්වා තිබේ.
මේ සමිබන්ධයෙන් ලංකාදීප දුරකථනයෙන් කළ විමසුමකදී ඊට සම්බන්ධ යැයි පැවසෙන නිලධාරියා සඳහන් කළේ අනුරාධපුර මහ නගර සභාවේ වැටප් අනුමත කරන්නේ තමා නොව නාගරික කොමාසාරිස්වරයා විසින් බවත්, අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන මුදල් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුවට පැමිණිලි කලේද තමන් විසින් බවත්ය.