අරුවක්කාඩු කසළ රදවනයට පුත්තලමේ වෛද්‍යවරු විරෝධය පාති


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)


ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසළ රදවනය ට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ පැවැත්වෙන  සත්‍යග්‍රහයට පුත්තලම මුලික රෝහලේ වෛද්‍යවරු එක්ව ඔවුන්ට සහය දැක්වුහ.


අරුක්කාඩු කසළ රදවනයට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ කලපු තිරයේ 37 වන දිනටත් පැවැත්වෙන  සත්‍යග්‍රහයට එක්වු පුත්තලම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඒ .ආර්.එම් .ජවුසි මහතා ඇතුළු වෛද්‍යවරුන් 20 කට ආසන්න පිරිසක් සමඟ වෛද්‍ය සිසුන් පිරිසක්ද එක්වී  ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසළ රදවනයට විරෝධය දැඩි විරෝධය මතු කරන්නට වුහ. 


 මෙම සත්‍යග්‍රහයට සහාය පළ කරමින් එක්වු වෛද්‍යවරුන් පවසා සිටියේ යම් හෙයකින් කසළ රදවනය ඉදි කළහොත් ජනතාවට දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බවයි