(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා පුත්තලම නගරයේ කළු කොඩි දමා දින තුනක් ‘‘කළු දිනය‘‘ ලෙස නම් කර පුත්තලම නගරයේ විරෝධතාවයක් අද (14 ) ආරම්භ කෙරිණි.
පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය සමඟ ප්‍රදේශයේ ජනතාව එක්ව පුත්තලම නගරය පුරා කළු කොඩි ප්‍රදර්ශනය කරමින් ඉදිවෙමින් පවතින අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පළ කර වැඩසහටන් කිහිපයක් සංවිධානය කර තිබුණි.
පුත්තලම නගරයේ සහ වාහන වල කළු කොඩි ප්‍රදර්ශණය කර තිබීමද දැක ගත හැකිවිණි.පුත්තලම කලපු තීරයේදී සියලුම ආගමික නායකයින් එක්ව ජනතාව දැනුවත් කිරීමක්ද සිදුවිණි.
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා ඉස්ලාම් බැතිමතුන් ආහාර වර්ජීතව සිටිමින් උපවාසයේ යෙදී සිටි අතර නැවත සවස ඔවුන් ආහාර ලබා ගත්හ.
හෙට (15) පුත්තලම නගරයේ සියලුම වෙළඳසැල් වසාදමා හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.