(ක.ග. කරුණාරත්න)
අරලගංවිල පොලිසියේ සේවය කරන 136 දෙනෙකුගේ සිදුකල පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා අනුව ඒ කිසිවෙකුටත් කොරෝනා වයිරසය අසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා අද(23) ප්‍රකාශ කළේය.
ඒ අනුව පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා ලැබෙන තෙක් තාවකාලිකව වසා දමා තිබූ අරලගංවිල පොලීසිය නැවත විවෘත කිරීම සඳහා ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ ලබාදුන් බවද ඒ මහතා කීය.
අරලගංවිල පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්‍ෂකවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ඉකුත් සෙනසුරාදා (21) පස්වරුවේ සිට එම පොලිසිය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණි.
මේ අතර අරලගංවිල පොලිසියේ සේවය කල උප පොලිස් පරීක්‍ෂකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසුව එම පොලිස් නිලධාරියාගේ ආශ්‍රිතයන් ඇතුළු පුද්ගලයන් 72 කගේ පී.සී.ආර්. වාර්තාද මේ වනවිට ලැබී තිබෙන බවත්, ඒ කිසිවෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
ඊට අමතරව අරලගංවිල ප්‍රදේශයේ පුද්ගලයන් 60 දෙනෙකුගේ සිදුකල පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා ලැබීමට නියමිතව තිබෙන බව වෛද්‍ය කුමාරවංශ මහතා සඳහන් කළේය.