රොහාන් කුමාර
ගලිගමුව පින්දෙනිය අරන්දර කන්දේ නිධන් හැරිමට ගිය හත්දෙනා මෙම මස 26 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ගමගේ මහතා අද (15) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ කුරුණෑගල,ගිරිඋල්ල,සහ පන්නල,ප්‍රදේශයේ පදිංචි ඤාතීන් හා හිතමිතුරන් හත්දෙනෙකි.
ගලිගමුව අරන්දර කන්දේ නිධන් හාරමින් සිටියදී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් හා ඔවුන් සතුව තිබූ ලොරියක් සමඟ භාණ්ඩ රැසක් ඊයේ(14) අත්අඩංගුවට ගෙන පින්දෙනිය පොලිසිය වෙත බාර දී ඇත.
ඔවුන් සතුව තිබූ ලොරියක් ඇතුළු භාණ්ඩ අධිකරණය බාරයේ තබන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

