වසන්ත චන්ද්‍රපාල සහ නවරත්න සමරතුංග
වෘත්තීය අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය කළමනාකරණ සේවකයින් අද (21) දහවල් අම්පාර නගරයේ දී විරෝධතාවයක් ඇරඹුහ.
විරෝධතා පාගමන අම්පාර දිසාපති කාර්යාලයෙන් ආරම්භ විය. පන්සල් හන්දිය හරහා අම්පාර නගරයට පැමිණ අම්පාර නගරයේ දී විරෝධතාවය පැවැත්විණි.
මෙම විරෝධයට අම්පාර රාජ්‍ය කළමනාකරණ සේවකයින් 400 ක් පමණ සහභාගී වෙති.
කළමණාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මගින් මෙම විරෝධය සංවිධානය කෙරිණි.