(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
මෙවර මහා මැතිවරණයේදි අඩ සියවසකට (වසර 51කට) පසුව අම්බලන්ගොඩ ආසනයෙන් වාමාංශික දේශපාලනඥයකු පාර්ලිමේන්තුවට තේරි පත්වු හා වසර 32කට පසුව අම්බලන්ගොඩ ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි වූ හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතා පිළිගැනීමේ උත්සවයක් අද (29 ) පස්වරුවේදි අම්බලන්ගොඩ නගර මධ්‍යයේදී පැවැත්විණ.
අම්බලන්ගොඩ ජනතාව මේ උත්සවය සංවිධානය කර තිබුණු අතර එම අවස්ථාවට විශාල පිරිසක් සහභාගි වී සිටියහ.