අම්බලන්ගොඩින් ‘සර්ව ශතක’ දානමය පිංකමක්


භික්ෂුන් වහන්සේලා සියක් නමක් සඳහා  ‘සර්ව ශතක’ දානමය පිංකමක්  කොටුගොඩ  ධම්මාවාස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ  කලුවඩුමුල්ල ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

භික්ෂුන්වහන්සේලාට  අත්‍යාවශ්‍ය  වන ඇදන් , පුටු, විදුලි  උපකරණ, ධර්ම ආසන,කනප්පු,ප්‍රථමාධාර පෙට්ටි, ඖෂධ මංජුසා , පොත් රාක්ක, ශාක පැළ පුජා කිරිම සිදු කැරිණි.