අම්පිටිකන්ද රක්ෂිතයේ ගින්නකින් අක්කර 10 ක් විනාශයි


 

 

 

 

 

(ඩී.කේ.රත්න)

 

වැලිමඩ දඹවින්න අම්පිටිකන්ද රක්ෂිතයේ අද අලූයම (7) ඇතිවු ගින්නකින් අක්කර දහයක් පමණ භූමි ප‍්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි.

වැලිමඩ බොරලන්ද ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ දෙකේ කණුව අසල මෙම දඹවින්න අම්පිටිකන්ද රක්ෂිතය පිහිටා තිබේ.

කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් මගින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇතැයි සැක කෙරෙන අතර මෙම කන්ද ආසන්නයේ පිහිටි නිවාසවලට ගින්න පැතිර යෑම වැළැක්වීමට හා මෙම කන්දේ ගැට ගසා සිටි හරකුන් හා එළුවන් බේරා ගැනීමට පොලිස් නිළධාරින් හා ප‍්‍රදේශවාසින්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවී තිබේ.

ප‍්‍රදේශයට මේ දිනවල පවතින අධික සුළං තත්වය හා වියළි කාලගුණය නිසා ගින්න සිඝ්‍රයෙන් පැතිර ගිය අතර සතුන් දඩයම් කිරීමේ අරමුණීන් කිසියම් පිරිසක් විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.