ඉන්දිකා රාමනායක
පැමිණිල්ලක් කිරීම සඳහා ති‍්‍රරෝද රථයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත පැමිණි යුවළක් එම ති‍්‍රරෝද රථයේ අමතක කර දමා ගොස් තිබු බැංකු කාඞ්පත්, ක්‍රෙඩිට් කාඞ්පත් , මුදල්, හා ජංගම දුරකතනය , ඇතුළු වටිනා භාණ්ඩ සහිත අත් බෑගය පැයක් ඇතුළත දී සොයා දීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද (30) සමත් වු බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ පෙරවරු 10.00 ට බවත් 11.15 පමණ වන විට පොලිසිය එය අයිතිකාරිය වෙත බාර දුන් බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මෙම යුවළ කොල්ලූපිටියේ සිට පැමිණිල්ලක් කිරීම සදහා ති‍්‍රරෝද රථයකින් ඊයේ පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිවිසුම වෙත ඒ ඔස්සේ පැමිණෙමින් සිටියදී සිය අත්බෑගය ඔවුන් පැමිණි ති‍්‍රරෝද රථයේ අමතක වී දමා පැමිණි බවට හෙළි වී එම තිරෝද රථය සොයා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙත පැමිණ බැලූවද අදාළ ති‍්‍රරෝද එම ස්ථානයේ දක්නට නොවීය.
අමතක වු එම අත්බෑගයේ බැංකු කාඞ්පත් තුනක්, ක්‍රෙඩිට් කාඞ්පත් 8 ක්, විදෙස් ගමන් බලපත‍්‍ර, මුදල් තිබී ඇතුළු භාණ්ඩ රැසක් තිබී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.