(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව මුල්ලේරියාව කැළණිමුල්ල පාලම අසලදී සැකකරු අත්අඩංගුවට ගත් බව කියයි.
මෙම ගිනි අවිය කිසියම් අපරාධයක් සඳහා භාවිතා කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
2005 වසරේ දී කැලණිය පට්ටිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට නිදහස් වූ අයෙකු බවද පොලිසිය කියයි .
විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් ළඟ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන්ද දැනට කොළඹ මහාධිකරණය සැකකරුට එරෙහිව නඩුවක් ක්‍රියාත්මක වන බවද පොලිසිය පවසයි.