(කේ බුද්ධික කුමාරසිරි )
රාතී‍්‍ර කාලයේ නිවාස බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සොරා ගත් භාණ් ඩ සමඟ අද (22) දින සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා වැලිකඩ පොලිස් වසමේ දියත උයන අසළ නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කර එම යතුරුපැදියට ව්‍යාජ අංක තහඩු සවි කර රන් මාල කොල්ලකෑම් සිටි කර ඇති බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
නුගේගොඩ පොලිස් අධිකාරී කොට්ඨාසයේ සිදුවන රන් මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප‍්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි රන් මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් පෙර වැරදි තිබූ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයකදී මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත
අත් අඩංගුවට ගත් සැකකරුවන් මොරගහහේන අතුරුගිරිය දොම්පේ තලංගම වැලිකඩ සපුගස්කන්ද මුල්ලේරියාව හෝමාගම යන පොලිස් වසම්වල සිදු කෙරුණු රන් මාල කොල්ලෑම් සහ රාති‍්‍ර කාලයේ නිවාස බිදුම් ගණනාවකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි
රන්මාල කොල්ලකෑමට යොදා ගත් යතුරුපැදිය සහ එම යතුරුපැදිය සොරා ගැනීම සදහා පැමිණි යතුරුපැදිය ද සොරා ගන්නා රන් මාල විකුනා ගෙවීමේ ක‍්‍රමයට ලබා ගත් තී‍්‍ර රෝද රථයක් ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සොරා ගත් රන් මාල උණු කප රන් කැබැලි කිහිපයක් විදේස් මුදල් කිහිපයක් ද සැකකරුවන් සමග අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම පනාගොඩ ප5දේහයේ පදිංචිකරුවෙකු වන 36 හැවිරිදි රියදුරෙකු සහ තලංගම මුත්තෙට්ටුගොඩ ප‍්‍රදේශයේ පදිංචි පෑස්සුම් ශිල්පියෙකු ලෙස කටයුතු කළ 38 හැවිරිදි පුද්ගයෙකි
අපරාධ ගණනාවකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට
Recommended Articles