අපනයන බෝග අලුතින් වගා කිරීමට පියවර


 (මොහොමඩ් ආසික්)
 
 
අපනයන කෘෂි බෝග අලුතින් වගා කිරීමට පියවර ගෙන ඇති බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද මහතා ප්‍රකාශ කරයි.
 
 2019 වසර තුළ හෙක්ටයාර් 1200 ක පමණ භූමි ප්‍රදේශයක මෙම බෝග වගාකෙරෙන බවද ඔහු පවසයි.
 
 අපනයන කෘෂි බෝග ආශ්‍රිත නිෂ්පාන  අපනයනය කිරීම මගින් වැඩි විදේශ විනිමයක් ඉදිරියේදී උපයා ගැනීම  අරමුණු කර ගෙන මෙම ව්‍යපෘතිය හඳුන්වා දෙන බවද අධ්‍යක්ෂ ජනරාල් හීන්කෙන්ද මහතා කීය.
 
 ගම්මිරිස්, කෝපි, කරාබු සාදික්කා කුරුඳු ඇතුළු අපනයන බෝග රැසක් මේ යටතේ වගා කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තව දුරටත් කීය.