අනුරාධපුරේ බඩ ඉරිඟු වගාව සේනා ආක්‍රමණය කරයි


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර තුරැවිල 270 තුලානේ හේන් වල වගා කරන ලද බඩ ඉරිඟු අක්කර දහසකට අධික ප්‍රමාණයක් සේනා දළඹුවා විනාශකර දමා ඇතැයි ගොවිහු පවසති.

මේ වන විට පැසීමට ආසන්න බඩ ඉරිඟු වගාවන් රැසක් අත්හැර දමා ඇති අයුරැ එම ප්‍රදේශයේදී දක්නට ලැබුණි.

සේනා දළඹුවා මෙම ප්‍රදේශයේ විනාශකර දමා ඇති බඩ ඉරිඟු හා වෙනත් වගාවන් පිළිබඳව අදහස් දැක්වූ එම ප්‍රදේශයේ පදිංචිකාරියක වන අනුරාධපුර නැගෙනහිර ගම් පළාත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිනි නිල්මිනි කුමුදු වසන්ති මහත්මිය මෙසේ පැවසුවාය.

     ‘‘තුරැවිල අංක 270 තුලානේ හේන් වල වගා කර තිබූ බඩ ඉරිඟු අක්කර දහස් ගාණාක් සේනා දළඹුවා විනාශකර තිබෙනවා.මේවන විට අක්කර සිය ගාණක්ම මුලුමනින්ම අත් හැරලා තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් දුන්නේ බඩ ඉරිඟු සියල්ල ගලවලා පොලොව නැවත හාරන්න කියලා.ඒත් පොලොවෙත් සේනා දළඹුවෝ ඉන්නවා.මේ විතරක් නෙවෙයි හේන් වල වගා කරලා තිබෙන සියළුම එලවලු වලත් සේනා දළඹුවා පැතිරි සිටින බවද ඇය මෙහිදි පැවසුවාය.

සේනා දළඹුවන් විසින් විනාශ කර ඇති තුරැවිල ගොවි ජනතාවගේ බඩ ඉරිඟු වගාවන් පිළිබඳව සොයා බැලීමට පැමිණි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා ගොවියෝ හමුවී කියා සිටියේ මේ විනාශය සම්බන්ධයෙන් රජය වහා මැදිහත්වී සේනා දළඹුවා ගෙන් සිදුවන හානිය නවතා දැමීමට කඩිනම් පියවරක් ගත් යුතු බවය.

එසේම විනාශවූ මෙම වගාවන් සඳහා ගොවියන්ට වන්දියක් ගෙවීමට කටයුතු කළ යුතු බවත් ඔහු මෙහිදී පැවසීය.