(සිතුම් චතුරංග)
කිලිනොච්චිය මලයාලපුරම් හි නිවසක් ආසන්නයේ අනාරක්ෂිත ළිඳකට ඇද වැටී 11 හැවිරිදි දැරියක් මිය ගිය බව කිලිනොච්චිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය අන්නෙයිසාරදා විද්‍යාලයේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කිලිනොච්චිය ,මලයාලපුරම් පදිංචි බුවනේස්වරන් ඩිලානි නැමති ශිෂ්‍යාවකි.
නිවස ආසන්නයේ ළිඳකින් ජලය ගැනීම සඳහා උත්සහ කිරීමේදී පය ලිස්සා ඇඳවැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බවට පොලිසිය සඳහන් කරයි.
දැරියගේ පියා රෝගීතත්වයක් හේතුවන් නිවස තුළ සිටින අතර මව කුලී රැකියාවකට ගොස් සිටින අතරතුර මෙම අනතුර සිදුවී තිබේ. ළිඳ තුළ ජලය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් දැරිය එකවර දියේ ගිලී ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.