රංජිත් රාජපක්ෂ
බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් 5 දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ තේ පදුරු මැද විශාල වලවල් හාරා පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් සමඟ මැණික් ගැරීමට යොදාගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් හාරා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව චැපල්ටන් වතුයායේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 35 – 50 වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.

