
(නවරත්න සමරතුංග)
බලපත්‍ර නොමැති ස්ථානයකින් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු සහ එම වැලි ප්‍රවාහනය කිරීමට ගෙනැවිත් තිබූ ට්‍රැක්ටර් රථ 13 ක් අද (09) අත්අඩංගුවට ගත්බව අක්කරපත්තුව පොලිසිය පැවසීය.
පූලාවායි මංසන්ධිය ඇතුල් පාර තෝනිගල පාර ප්‍රදේශයේදී මෙම වැලි ගොඩ දැමීම සිදු කරන බවට අක්කරපත්තුව පොලිසියට ලද තොරතුරක් මතමෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස හෙට (10) නඩු භාණ්ඩ ද සමඟ අක්කරපත්තුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අක්කරපත්තුව පොලිසිය පැවසීය.

