වීසා නීතී උල්ලඝණය කරමින් අනවසරයෙන් මෙරට රැදී සිටී ඉන්දීය ජාතිකයින් 73 දෙනකු මේ වසරේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මතුගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සිටියදී ඉන්දියානු ජාතිකයින් 49 දෙනකු පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉංගිරියේ කර්මාන්ත ශාලාවක සේවය කළ 24 දෙනකුද පසුගිය මාසයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
වීසා බල පත්‍ර කල් ඉකුත් වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස මිරිහාන රැඳවුම් කඳවුරට යවා ඇතැයිද ආගමන විගමන දෙපාර්තමේන්තුව ස ඳහන් කරයි.
ඔවුන් සම්බන්ධ අවශ්‍ය නීතීමය කටයුතු සිදු කෙරුණු පසු ඔවුන් යළි ඉන්දියාව බලා පිටත්කර හැරීමට සුදානම් බවද දෙපාර්තමේන්තුව පවසයි.
(ඩේලී මීරර් ඇසුරෙනි)
(36698)