(දාපනේ ජයන්ත නානායක්කාර)
පනාමුර පොලිස් වසමේ පනාමුර ජුල්කැටිය ප්‍රදේශයේ සිට දැව පැටවූ ලොරියක් කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී පනාමුර ප්‍රදේශයේදීම අද (07) අත්අඩංගුවට ගත්බව පනාමුර පොලිසිය පවසයි.
ලක්ෂ 10ක් පමණ වටිනා දැව ඉතාමත් සූක්ෂම ආකාරයට පිටට දර පටවා ඇතුළත බුරුත කොට පටවා තිබිණි. පොලීසිය පවසන්නේ ඔත්තු බැලීම සඳහා දැව ජාවාරම්කරු විසින් ස්ථාන කිහිපයක ඔත්තුකරුවන් කිහිප දෙනෙක් යොදවා තිබූ බවයි.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය සැඟව සිට මෙම වැටලීම සිදුකර තිබේ. මෙහිදී ලක්ෂ අටක් පමණ වටිනා බුරුත දැව අත්අඩංගුවට ගෙන ඇති අතර මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දැව සමග අත්අඩංගුවට ගෙන ඇත. මෙම දැව තොගය සහ සැකකරු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.