(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආවරණය නොකරන ලද ලොරියක තට්ටුවක් මත තබාගෙන ගිය බර ඔසවන යන්ත්‍රයක කොටසක් අද අලුයම (28) යතුරුපැදිකරුවෙකු ගේ ඇඟට වැටී එම යතුරුපැදිකරු මියගිය බව බුලත්සිංහල පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල අතුර, ගුරු ගම්මාන ප්‍රදේශයේ පදිංචිව සිටි රංඡිත් නිසාන්ත (43) නම් පුද්ගලයෙකි.
ලොරිය අගල වත්ත දෙස සිට බුලත්සිංහල දෙසට බර ඔසවන යන්ත්‍රයක කොටස පිටුපස ලොරි තට්ටුව මත ගැටගසාගෙන ධාවනය කරමින් සිටියදී බුලත්සිංහල නගරයට ආසන්න කිලෝමීටර් 37 කණුව අසල වංගු සහිත ස්ථානයේදී ලොරියෙ තට්ටුව මත තිබූ බර ඔසවන යන්ත්‍රයේ කොටස බුලත්සිංහල දෙස සිට අගල වත්ත දෙසට යතුරු පැදිය ධාවනය කළ මියගිය පුද්ගලයාගේ ඇඟ මතට වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
අනතුරක් සිදුවීමත් සමගම බරපතළ තුවාල ලද යතුරුපැදිකරු උඹලා සිංහල රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය
මෙම අනතුර සිදුවී ඇත්තේ ලොරි රියදුරු අනතුරුදායක හා අපරික්ෂාකාරී ලෙස බර ඔසවන යන්ත්‍රයෙ කොටස ලොරි තට්ටුව මත තබාගෙන ධාවනය කිරීමේදී බව සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
ලොරි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.