දයාරත්න ඇඹෝගම
නාච්චාදුව ඇගලුම් කම්හළ ඉදිරිපිටදි යතුරුපැදිකරුවකු මුර සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ගැටිමෙන් දෙදෙනාම බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හිදෝගම පොලීසිය පවසයි.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ හිදෝගම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ රජකාරියේ නියුතු රූපසිංහ සේනානායක නැමැති පොලිස් කොස්තාපල් වරයෙකු සහ නාච්චාදුව පදිංචි සුරේෂ් විරසිංහ (22) නැමති තරුණයෙකි.
ලියාපදිංචි නොකළ යතුරු පැදියකින් නිවසට යමින් සිටි යතුරු පැදිකරු පොලිස් නිලධාරින් මාර්ගය අසල රැදි සිටිමෙන් කළබලයට පත්ව පොලිස් කොස්තාපල්වරයාගේ ගැටි ඇති බව පොලිසිය කියයි.
මෙහිදි යතුරු පැදිය පොලිස් කොස්තාපල්වරයා ගේ දෙපා මතට ඇද වැටිමෙන් ඔහු බරපතල තුවාල ලබා ඇති බවත් යතුරු පැදිකරුද බිම ඇද වැටිමෙන් ඔහුද තුවාල ලබා ඇති බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.