( නිමල් ජයරත්න සහ ක.ග කරුණාරත්න)
පොළොන්නරුව-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ලං.ග.ම බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී යතුරුපැදියේ පිටුපස ගමන්ගත් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද (24) උදෑසන මෙම අනතුර සිදු වී තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, ලිහිණියාගම, මහ දමනේවෙල අංක 356 ලිපිනයේ පදිංචි පී.එම්.කේ.ජී ජයවීර නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.
බස් රථයේ රියැදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.