අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට



 
(අශෝක  තිලකරත්න)

මිද්දෙනිය හුංගම පාරේ  දී  ඊයේ (05) රාත්‍රී යතුරුපැදියක්  මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක  ගැටීමෙන් සිදු වූ අනතුරෙන්  එම යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වී  ඇතැයි  පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ  කටුවන හිඟුරකන්දේ  පදිංචි  අගම්පොඩිගේ තුෂාර සම්පත් 24 හැවිරිදි නැමති  තරුණයෙකි.

ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය  අද (06) පෙරවරුවේ  කාරියමඩිත්ත දිසා රෝහලේ දී  පැවැත්වීමට නියමිතය.

මිද්දෙනිය පොලිසිය මෙම මාරක අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.