අනතුරකින් පාසල් සිසුවෙක් මරුට


 (ප්‍රේමතිලක පෙරමුණ )
 
 මීගහතැන්න පැලවත්ත මාර්ගයේ දී කැබ් රථයක් පා පැදියක ගැටී  සිදුවූ රිය අනුතුරකින් කොළඹ නාලන්ද විද්‍යාලයේ 10 වැනි  ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු අද (17) උදෑසන  මියගොස් ඇතැයි මීගහතැන්න පොලීසිය පවසයි.
 
 මෙසේ මියගොස් ඇත්තේ මීගහතැන්න  කුම්බභදූව අඹසෙවන ආසන්න  ප්‍රදේශයේ පදිංචි  මිසල් මල්ලවආරච්චි නැමැති 15 හැවිරිදි  හැවිරිදි පාසල් සිසුවෙකු වන අතර අනතුරින් තවත් පහළොස් හැවිරිදි සිසුවෙක් තුවාල ලබා ඇත.
 

 තේ   කර්මාන්තශාලාවකට  ප්‍රවාහනය  ප්‍රවාහනය කළ  බොලෙරෝ   වර්ගයේ කැබ් රථයක්  පාසල් සිසුන් දෙදෙනා ගමන් කරමින් සිටි පාපැදිය පිටුපස ගැටී ඉකුත් ඊයේ (16)  රාත්‍රියේ  මෙම අනතුර සිදු ව ඇතැයි පොලිසිය පවසයි .
 
 බරපතළ තුවාල ලැබූ සිසුවා නාගොඩ මහ රෝහලට ඇතුලත් කිරීමෙන්  පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති  අතර එහිදී එහි දී මරුමුවට පත්ව  ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි  .

සිද්ධියෙන්  තුවාල ලැබූ  හිමරු සස්මිත නම් අනෙක් සිසුවා මීගහතැන්න රෝහලේ  නේවාසික ප්‍රතිකාර ලබයි.
 
 මෙම සිසුන් දෙදෙනාම ලබන දෙසැම්බර් අපොස සා පෙළ විභාගයට පෙනී සිටීමට  නියමිත වන අතර ඒ සඳහා උපකාරක පන්තියකට සහභාගී වී ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදු ව ඇත .