අනතුරකින් 4කට බරපතලයි


(ඇල්ල ප්‍රසාද් රුක්මල්)
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ බෝගහමඩිත්ත 2කණුව ප්‍රදේශයේ දී අද(7)පස්වරුවේ ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයක සහ සංචාරක හෝටලයක්  අසල නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර්රථය සංචාරක හෝටලය කඩා ගෙන හෝටලය තුලට කඩා වැදී සිදු වූඅනතුරකින් පුද්ගලයන් 4දෙනෙකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි.

ත්‍රීරෝද රථ රියදුරු සහ ලොරියේ රියදුරු, ලොරියේ ගමන් කල දෙදෙනකු මෙසේ තුවාල ලබා තිබේ. හාලිඇල පොලිසිය පරික්ෂණ පවත්වයි.