බහුදින ධීවර යාත්‍රාවක සිටි අනතුරකට පත් රෝගියෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් වී තිබේ.
පසුගියදා ධීවර කටයුතු සඳහා ගාල්ල ධීවර වරායෙන් සංඛ I නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාව නික්ම ගොස් ඇති අතර, එහි සිටි ධීවරයෙකු හදිසියේ අනතුරකට පත්වී ඇති බැව් කොළඹ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ මඟින් නාවික හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව දකුණු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරක වේග ප්‍රහාරක යාත්‍රාවක් එහි යවා ධීවරයා නිරුපද්‍රිතව ගොඩට ගෙන ඒමට නාවික හමුදාව සමත්ව ඇත.
සංගමන් කන්ද ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 84 ක පමණ දුරකදී එම රෝගීයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවා ගෙන ප්‍රථමාධාර පහසුකම් ලබා දෙමින් නිරුපද්‍රිතව හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.
(36698)