අධිවේගී මාර්ගයේ අනතුරින් අයෙක් ජීවිතක්ෂයට


(රොෂාන් දිලිප් කුමාර)

දැනට ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව-අන්දරවැව කොටසේ කොන්ක්‍රීට් කුට්ටි යොදා මාර්ගය වසා ඇති ස්ථානයක අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ගැටීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී දෙදෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කොට ඇත.

අනතුර සිදුව ඇත්තේ ඊයේ (13) රාත්‍රී 8.30ට පමණය. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  හුංගම ප්‍රදේශයේ පදිංචි නිමන්ත ප්‍රනාන්දු නැමති 31 හැවිරිදි පුද්ගලයෙකි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් කුට්ටි යොදා මාර්ගය වසා ඇති මෙම ස්ථානයේ  නිතරම අනතුරු සිදුවන බවත්, අධිවේගී මාර්ගයේ බලධාරීන් මාර්ගයට ඇතුල්වීම තහනම් කිරීම හෝ මෙවැනි ස්ථානවල බාධක සංඥා යොදා දැනුවත් වන ආකාරයෙන් කටයුතු කළ යුතු බවටත්, ප්‍රදේශවාසීහු චෝදනා කරති.

සිද්ධිය සම්බන්දව සූරියවැව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.