(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දෙවට අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ට වන ස්ථානයේ සිට ගාල්ල නගරය දක්වා පවතින අධික තදබදයට හේතුවන අනවසර ඉදිකිරීම් සහ අවිධිමත් වාහන නවතා තැබීම් ඉවත් කිරීම අද(27) දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාගේ මැදිහත් වීමෙන් සිදුවිය.
ගාල්ල මහ නගර සභාව,මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදුවිය.
අධිවේගී මාර්ග පිවිසුමේ අනවසර ඉදිකිරීම් ඉවත් කෙරේ
Recommended Articles