අධි රුධිරපීඩන පෙති ගිලදැමූ සිඟිත්තා රෝහලට


(වියලුව නිශාන්ත කුමාර)

අධි රුධිර පීඩනයට ප්‍රතිකාර වශයෙන් රෝහලකින් ලබාදී තිබු බෙහෙත් පෙති ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වයස අවුරුදු 1 ½ ක ළදරුවෙකු අද (26)  මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.                           

රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1 ½ ක දරුවෙකි.                               

තමුන්ට වැළඳී තිබූ  අධිරුධිර පීඩනය වළක්වා ලීම සඳහා දරුවාගේ සිය මිත්තණියට රෝහලකින් ලබා දී තිබූ  බෙහෙත් පෙති  ඇසුරුමක් සමග සෙල්ලම් කරමින් සිටි දරුවා එහි තිබූ පෙති කීපයක් ගිල දැමීමෙන් මෙලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත.

දරුවාගේ මුව තුළ එම ඖෂධ පෙති කීපයක් තිබුණු  දුටු දරුවාගේ මව ඒ පිළිබඳව සොයා බැලීමේදී දරුවා පෙති ගිල දැමූ බව අනාවරණය වී ඇති අතර   නිදිබර ගතිය ඇතුළු ලක්ෂණ පෙන්වීම හේතුවෙන් දරුවා කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.