(දයාරත්න ඇඹෝගම)
මහවිලච්චිය සහ තන්තිරිමලය යන ප්‍රදේශවල සැරිසරන බව කියන අද්භූත කුරු මිනිසුන් පිළිබඳව විමර්ෂණ කටයුතු ආරම්භකර ඇතැයි පොලිසිය කියයි.
පසුගිය 20 වැනිදා මහවිලච්චිය පොලිස් වසමේ ස්ථාන කිහිපයකට මෙම අද්භූත කුරු මිනිසුන් දෙදෙනෙකු පැමිණ ඇති බව කාන්තාවන් කිහිප දෙනෙකුම පොලිසියට පැමිණිලි කර තිබුණි.
මේ අතර අද (24) තම නිවස ආසන්නයේ සැරිසැරු අඩි දෙකක් පමණ උසැති මිටි පුද්ගලයෙකු දුටු බවට සියඹලාගස්වැව කාන්තාවක විසින් තන්තිරිමලේ පොලිසියට ලබාදුන් දුරකතන පණිවුඩයක් මත එම ප්‍රදේශය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කළද එවන් පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකිවූ බව තන්තිරිමලේ පොලිසිය පැවසිය.
මහවිලච්චිය ඇත්දත්කල්ල,පේමඩුව ගම්මානයේ කාන්තාවන් දෙදෙනෙකු මෙම කුරු මිනිසුන්ගේ ප්‍රහාරයකට ලක්ව සුලු සිරීම් තුවාල ලැබූ බවද ඔවුන් පැවසුවාය.