ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව එජාපයේ නියෝජ්‍ය මහ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
ශ්‍රීලනිපයේ ප්‍රගතිශීලී දේශපාලනඥයන් කිහිප දෙනකුම තමන්ට නාමයෝජනා දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි ද , ඔවුන්ට අවස්ථාව දෙන අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, උගත් බුද්ධිමත් නවකයන් සහ කාන්තාවන් ඇතුළු ශක්තිමත් කණ්ඩායමක් මැතිවරණය ඉදිරිපත් කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවසීය.