(රංජිත් රාජපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )
මස්කෙලිය ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මවුස්සාකැලේ ජලාශයේ තිබී අද (21) සොයාගත් බව මස්කෙලිය පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ මස්කෙලිය තැපැල් කාර්යයාල ප්‍රදේශයේ පදිංචි පැතුම් මධුසංක ලියනගේ නැමති 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මෙම තරුණයා ඉතුක් 19 වෙනිදා රාත්‍රියේ ලද දුරකථන ඇමතුමකට අනුව නිවසින් පියව ගිය බවත්, ඉන් අනතුරුව ආපසු නිවසට නොපැමිණි නිසා තරුණයාගේ ඥාතින් විසින් මස්කෙලිය පොලිසිය වෙතට පැමිණිලි කර බවත් පොලිසිය පවසයි.
මස්කෙලිය පොලිසියේ නිලධාරින් ජලාශය අවට කළ සොදිසි මෙහෙයුමකදි තරුණයා පැළද සිටි පාවහනක් ජලාශය අසළ තිබී හමුවූ බවත් ජලාශයේ ධිවරයන් සහ පොලිස් නිලධාරීන් අතුරුදහන් වූ තරුණයා සොයා ජලාශය ඊයේ (20) දවස පුරා සොදිසි මෙහෙයුමක් කළ බවත්, රන්ගල නාවික හමුදා කදවුරේ නාවික කිමිදුම්කරුවන් විසින් අද(21) උදෑසන කළ මෙහෙයුමකදී සිරුර සොයා ගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
මෙම තරුණයා අතුරුදහන් වු දිනයේ රාත්‍රි 8.20 ට පමණ දුරකථනයකින් කතා කරමින් ජලාශය දෙසට ගමන් කරන අයුරු අසළ තිබූ සී.සී.ටී.වී. කැමරාවක දර්ශන සටහන් වී තිබුණි.
තරුණයා ජලාශයට වැටුණාද නැතහොත් ජලාශයට පැන සිය දිවි හානි කරගත්තාද යන්න පිළිබඳව මස්කෙලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මස්කෙලිය පොලිසිය පැවසීය.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)
(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )