අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ මළ සිරුර සොයා ගනී



 
අනීෂා මානගේ    

                                             
ගවයින් බලාගැනීම සඳහා හුංගම කච්චිගල්ආර ඇළට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (1) කච්චිගල්ආර ඇළෙහි තිබියදී සොයා ගත් බව හුංගම පොලිසිය කියයි. 


ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි නන්දසේන කළුආරච්චි (60) නම් පුද්ගලයෙකි. 


මෙම පුද්ගලයා හුංගමදෙණිය ප්‍රදේශයේ ගව හිමිකරුවෙකු යටතේ සේවය කර ඇති අතර ඔහු ඊයේ(30) සවස 6.00ට පමණ ගවයින් බලාගැනීම සඳහා හුංගම කච්චිගල්ආර ඇළට ගොස් තිබේ. 


මොහු නැවත ගවයින් සමඟ නොපැමිණීම නිසා හුංගම පොලිස් ස්ථානයේ නිළධාරින් හා ප්‍රදේශවාසීන් එකතු වී අතුරුදන් වූ පුද්ගලයා සෙවීම ආරම්භ කර ඇත. 


අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද (1)  හුංගම කච්චිගල්ආර ඇළෙහි තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.