අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යන්හි මිල පාලනයට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සිදු වන දුෂණ වංචා සහ කොමිස් නතර කර මිල පාලනයට පියවර ගත යුතුව ඇතැයි ද සඳහන් කළේය.
සිදු කළ නොහැකි යැයි පැවසු බොහෝ දේ කළ හැකි වු බවත් ඇතැම් තැන්හිදී රජයේ දුර්වලකම් පවතින බවත් පැවසුවේය.
බේරුවලදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම දින 53 ක් පුරා පිළිකා රෝගීන්ට පැවැති ඖෂධ හිගය පිළිබඳව අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේ එම ගැටළුවට මේ වන විට විසඳුම් ලබා දීමට කටයුතු කර ඇති බවයි.
පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සීමාව ඉවත් කිරීම නිසා රුපියල් ලක්ෂ 450 දක්වා එක් රෝගියෙකුට ප්‍රතිකාර කර ඇති බවත් පැවසුවේය.
එමෙන්ම ඖෂධ මිල අඩු කිරීම නිසා ඖෂධ භාවිතය 600 % කින් වැඩි වී ඇති බවත් පැවසු අමාත්‍යවරයා ඖෂධ මිල අඩු කිරිම නිසා රුපියල් බිලියන 20 ක ලාභයක් රජයට ලැබී ඇතැයි ද සඳහන් කළේය.