(සිරංගිකා ලොකුකරවිට)
දකුණු පළාතේ අත්යන්ත්‍ර රෙදිපිළි ව්‍යාවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ‘රුහුණු රන්සළු‘ නමින් ප්‍රදර්ශනාගාරයක් ගාල්ල ලබුදූව දී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
දකුණු පළාත් කර්මාන්ත අමාත්‍ය එච්.ඩබ්. ගුණසේන මහතාගේ උපදෙස් මත දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව නව ප්‍රදර්ශනාගාරය පවත්වා ගෙන යයි.
ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූජී.ඩී. ආරියතිලක මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ. වේලාරත්න මහතා, ධීවර අමාත්‍යාංශයේ ලේකම් සුමිත් අලහකෝන් මහතා, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක මහේෂ් සුබසිංහ මහතා, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂක බී.ඒ.කේ. මහේන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.