(ඩයනා උදයංගනී)
තද වැසි හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මෙහි ජල මට්ටම දූනමලේ ප‍්‍රදේශයෙන් මේ වන විට සුළු ගං වතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඒ ආශ‍්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහත්මිය පැවසුවාය.
විශේෂයෙන්ම මීගමුව, ජා ඇළ, මිනුවන්ගොඩ සහ ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත් බිම්වල පදිංචි ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවත්, ජල මටට්ම ඉහළයාමෙන් ගම්පහ ජා ඇළ මාර්ගයේ සහ ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය හැකි බවත් ඇය කීවාය.

