(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින තුනකට පමණ ඉහතදී අතරුදන් වූ 25 හැවිරිදි තරුණයෙකුගේ මල සිරුර එගොඩ උයන බොල්ගොඩ ගං ඉවුරේ තිබියදී අද (16) හමුවූ බව එගොඩ උයන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අලුබෝමුල්ල ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වඩුබාස්වරයෙකු ලෙස රැකියාව කළ ළහිරු ජයසේකර නැමැති පුද්ගලයා බව පොලිසිය පවසයි.
තම පුතා අතරුදන් වී ඇති බව පවසමින් තරුණයාගේ දෙමාපියන් පානදුර දකුණ පොලිසියට පැමිණිලි කර තිබේ.
පුද්ගලයෙකුගේ මල සිරුර බොල්ගොඩ ගං ඉවුරේ තිබෙව බව එගොඩ උයන පොලිසියට ලද දුරකතන ඇමතුමක් අනුව එහි ගිය අවස්ථාවේ මල සිරුර දැක ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම ස්ථානයට මොරටුව මහේස්ත්‍රාත්වරයා පැමිණිමෙන් පසුව ඔහුගේ නියෝග මත සිදු කළ පරීක්ෂාවේ දී මිය ගිය තරුණයාගේ මුදල් පසුම්බියේ තිබූ ජාතික හැඳුනුම්පතෙන් ඔහුව හඳුනාගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.