අඩුබර පාන් විකිණූ වෙළෙඳුන් 21 කට නඩු


(ජයන්ත සමරකෝන්)

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු බර පාන් අලෙවි කළ බේකරි හා වෙළඳසැල් 40 ක වැටලීම් කර 21 දෙනෙකුට නඩු පැවරූ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

පරීක්ෂා කළ හා නඩු පැවරූ වෙළඳසැල් අතර සුපිරි වෙළඳසැල් 7 ක් වන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතා පැවසීය.

මිනුම් හා ප්‍රමිත සේවා ස්ථානයේ වැටලීම් කණ්ඩායම් 3 ක් මේ සඳහා යොදවා ඇතැයි ද ඒ මහතා කීය.

මහරගම,අවිස්සාවේල්ල,කහතුඩුව,හෝමාගම,වැල්ලම්පිටිය,රත්මලාන,නුගේගොඩ,කැළණිය ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම වැටලීම් කළ බවද හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව පැමිණිලි ඇතොත් 0112369139 දරණ දුරකතනයට හෝ 0112369142 දරණ ෆැක්ස් අංකයට දැනුම්දිය හැකිය.