අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්



             
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
                                 
බණ්ඩාරගම අටුලුගම  කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 130 දෙනකු එකවර වාර්තා වී ඇතැයි  බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය කියයි .
     
ඉකුත් 14  වෙනිදා  අටුලුගම අල් ගසාලි මහා විද්‍යාලයේදී  පුද්ගලයන් 460 දෙනකු උදෙසා සිදුකළ පි සි ආර් පරීක්ෂණයෙන් එම ප්‍රමාණය වාර්තා වී ඇත 
                                 
ඒ අනුව අටුලුගම ආසාදිත රෝගීන් සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් ඇති අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල බල ප්‍රදේශයේ  සමස්ත රෝගීන් සංඛ්‍යාව .
875 කි.
               
පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ තවත් 700 ආසන්න ප්‍රමාණයක  වාර්තා ලැබීමට නියමිතය