
(පාලිත ආරියවංශ)
අවුරුදු 8 ක මිනිබිරියට අතවර කළැයි සැකපිට 69 හැවිරිදි සීයා ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ අද(27) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
වසර 2 ක පමණ කාලයක් තිස්සේ මෙම දැරිය අතවරයට පත්ව ඇති බවද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
දැරිය වෛද්‍ය පරික්ෂණයකට ලක් කර තිබේ.
බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

