අට හැවිරිදි දැරිය අපයෝජනය කළ බාප්පා අත්අඩංගුවට


(සුමතිපාල දීයගහගේ )

අට හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරිම සම්බන්ධයෙන් එම දැරියගේ බාප්පා අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
 

 මෙම දැරියගේ පියා මවව අතහැර ගිය පසු මව දෙවන වරට තවත් කෙනෙකු සමග විවාහවි තිබේ.
 
මේ අතර දැරියගේ බාප්පාවන සැකකරු 2017 වසරේ සිට ඇයට අතවර කර ඇති අතර ඒ පිළිබඳව තම මවට පවසා ඇතත් මව  තැකීමක්කර නොමැති බවද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
 
දිගින් දිගටම බාප්පා විසින් දැරියට අතවර කරන විට ඇය මේ සිද්ධිය තම මිත්තණියට දැනුම්දී ඇත. ඇය විසින් මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය 39 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.