(ජයන්ත සමරකෝන්)
අඟුණකොලපැලැස්ස හා වැලිකඩ බන්ධනාගාරවල සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුම් දෙකක දී ජංගම දුරකතන 4ක් හා සිම්පත් 5ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවියන්ගේ 'එෆ්' දරණ සිරකුටියේ සඟවා තිබී ජංගම දුරකතන 4ක් සොයාගෙන ඇතැයි ද පැවසේ.
වැලිකඩ බන්ධනාගාරයේ සිරවාට්ටුවක් පරීක්ෂා කිරීමේ දී රැඳවියෙකු සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හා සිම්පත් 4ක් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කණ්ඩායමක් සමත්වී ඇතැයි ද පැවසේ.
මෙම ජංගම දුරකතන හා සිම්පත් සම්බන්ධයෙන් බුද්දි අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.